ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර​යි

ඊශ්‍රාලයෙන් ඉවත් වීම සඳහා ආරක්ෂාකාරී වාතාවරණයක් පවතින්නේ නම් පමණක් ඊශ්‍රායලය හා පලස්තීන භූමි සීමාවන් තුළ වෙසෙන සිය පුරවැසියන්ට ඉවත් වන ලෙසයි ඕස්ට්‍රේලියාව දැනුම් දී ඇත්තේ.

ඒ, ඊශ්‍රායලය හා ඒ ආසන්න ප්‍රදේශවල ත්‍රස්ත ප්‍රහාර මෙන්ම මිලිටරි ආක්‍රමණයන් හට ගැනීමේ දැඩි අවධානමක් පවතින පසුබිමක එරට ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ. .

එමෙන්ම, ඊශ්‍රායලය හා ඒ අවට කලාපයන්හි ගුවන් ගමන් අවලංගු කිරීම මෙන්ම ගමනාගමනයට ඇති විය හැකි බාධා සම්බන්දයෙන්ද ඕස්ට්‍රේලියාව සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇත.