ලොව විශාලම කොරල්පරය වන ඕස්ට්‍රේලියාවේ මහාබාධක කොරල්පරය යලිත් වරක් අවධානමකට ලක්ව තිබෙනවා.

මෙය හානියට පත්වූ පස්වන අවස්තාව මෙයයි.

ජ්‍යාත්‍යන්තර මාධය වාර්තා කරන්නේ පැසිෆික් සාගරයේ ජල මට්ටම පැවතිය යුතු උෂ්ණත්වයක තිබියදිත් කොරල්පරය ක්ෂය වීම පුදුමයට කරුණක් බවයි.

සජීවී ජීවියෙක් වන කොරල්පරය ඕස්ට්‍රේලියාවේ ඊසාන දිග වෙරළ ආසන්නයේ කිලෝමීටර 2,300 පමණ විහිදෙන අතර එය පෘතිවියේ පිහිටී ජීවත්වීමට සුදුසුම වාසස්ථානය බවටද පත් වෙනවා.

කොරල්පර සියගණනක් මත්ස්‍ය විශේෂ 1,500 පමණ එහි වාසය කරන බව සැළකෙනවා.