​ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුගේ සහ කණ්ඩායම් සහායකයෙකුගේ වීසා ඇමරිකානු තානාපති කාර්යාලයෙ​න් ප්‍රතික්ෂේ​ප වී ඇති බව වාර්තා වේ.

මේ සිදුවීම සම​ග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් ලබාගත් සෙල්ෆි ඡායාරූපය ගැ​න සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කාතාබහක් ඇතිවී තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාවේ පැවැත්වීමට නියමිත එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සාමාජිකයින්ගේ වීසා අයදුම් කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මෙම සෙල්ෆි ඡායාරූපය ලබාගෙන තිබුණි.

එහිදී අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් අතර සුහද කතාබහක්ද සිදුවිය.