ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ඊයේ (08) අත්අඩංගුවට ගැනුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මෙලෙස ඔහුව අධිකරණයට රැගෙනවිත් ඇත.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළව ඔ​හු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙලෙ​ස ප්‍රකාශයක් ලබාදී ඇත.