යුක්‍රේනයේ පාර්ලිමේන්තුව විසින් සමහර සිරකරුවන්ට ස්වෙච්චාවෙන්න්ට සන්නද්ධ හමුදාවන්ට එක්ව සටන් කිරීමට හැකි වන පරිදි පනතක් සම්මත කර තිබෙනවා.

ඒ යුක්‍රේන හමුදාව තීරණාත්මක පිරිස් හිඟයකට මුහුණ දී සිටින පසුබිමකයි.

කෙසේ වෙතත් යුක්‍රේන හමුදාවට සේවය කිරීමට ලිංගික ප්‍රචණ්ඩත්වය, පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි ගණනක් ඝාතනය කිරීම, බරපතල දූෂණ සිදුකළ සිරකරුවන් සහ හිටපු ඉහළ පෙළේ නිලධාරීන්ට අවස්ථාව ලබා නොදෙන බව පැවසේ.

මෙම පනත බලාත්මක වීමට පෙර පාර්ලිමේන්තුවේ සභාපති Verkhovna Rada සහ ජනාධිපති Volodymyr Zelenskyy විසින් අත්සන් කිරීම අවශ්‍යවේ.