යුක්‍රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා 06ක් විනාශ කළ බව පැවසෙයි.

තවත් ගුවන් යානා 08 කට එම ප්‍රහාරයෙන් දැඩි ලෙස හානි සිදුවී ඇති බවත් මෙම ප්‍රහාරයෙන් නිලධාරීන් 20 දෙනෙකු මිය යාමට හෝ තුවාල වන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරය පිළිබඳව රුසියාව මේ වනතුරු කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, යුක්රේනයට ආසන්නයේ පිහිටි කලාපයට ඩ්‍රෝන යානා ප්‍රහාර 40කට වැඩි ප්‍රමාණයකින් එල්ල කර ඇති බව රුසියාව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.