සිය පස්වැනි ධුර කාලය සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දිවුරුම් දී තිබේ.

ඔහුගේ ධුරකාලය වසර 6කි.

ඔහු තරග කරනු ලැබුවේ තමාට කිසිදු තර්ජනයක් නොවූ ක්‍රෙම්ලිනයේ ප්‍රතිපත්ති සමග යන තවත් අපේක්ෂකයින් තිදෙනෙකු සමගය.

ඡන්ද ප්‍රතිඵල වලට අනුව වැලැදිමීර් පුටින් 87%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇතැයි මැතිවරණ නිලධාරීහූ ප්‍රකාශ කළහ.

ඔහු පළමුවරට රුසියාවේ ජනපති ලෙස දිවුරුම් ලබා දුන්නේ 2000 වසරේදී ය.