යුක්රේන ජනාධිපති ව්ලොඩ්මියර් සෙලෙන්කි ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කළ බව කියන යුක්රේන හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්රේන ජනපතිට අමතරව එරට හමුදා බුද්ධි අංශ ප්‍රධානියා සහ ආරක්ෂක සේවයේ ප්‍රධානියා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි තොරතුරු ලැබී ඇත්තේ.

ඔවුන් රුසියාවට ඔත්තු සැපයූ බවටයි චෝදනා එල්ල වන්නේ.

යුක්රේන ජනාධිපතිවරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුවට කුලීකරුවන් සෙවීම මොවුන් විසින් සිදුකර ඇති බව එරට රජය අනාවරණය කරගෙන තිබෙනවා.