අධිකරණයට අපහාස කළේ යැයි ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එසේම මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරුන්ට නියම කළා.