වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව ගොනු කර තිබු රීට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 26 වනදා දක්වා කල් තබා ඇත.

අද (09) දින අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් මෙම කල් තැබීම ප්‍රකාශයට පත්කරනු ලැබුවේය.

තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කරනු ලැබු තීරණය පටහැනි බවත් එබැවින් තමාව ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා වෛද්‍යවරයා සිය නීතිඥයන් හරහා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.