ඒ අමෙරිකාව, පිලිපීනය, ජපානය සහ ඔස්ට්‍රෙලියාව එම මුහුදු ප්‍රදේශයේ ඒකාබද්ධ ගුවන් හා නාවික අභ්‍යාසයක් පැවැත්වීමත් සමග දකුණු චීන මුහුදේ  මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

චීනයේ දැඩි විරෝධය මධ්‍යයේ පවත්වන මෙම හමුදා අභ්‍යාසය පිළිබඳව අදහස් දක්වමින්, අමෙරිකාව පවසා ඇත්තේ, නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් කලාපයකට සහය දැක්වීමේ අරමුණින් එම අභ්‍යාස මාලාව සිදු කරන බවයි.

එවන් ආතතිමය තත්ත්වයක් මධ්‍යයේ, චීනයේ මහජන විමුක්ති හමුදාව මතභේදාත්මක මුහුදු කලාපය තුළ නාවික සහ ගුවන් මුර සංචාරයක් පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර එයට පිලිතුරු ලෙස චීනය පවසන්නේ, කලාපයේ සාමකාමී තත්ත්වය කඩාකප්පල් කිරීමට අදහස් කරන හමුදා ක්‍රියාකාරකම් සහ මුහුදු කලාපය තුළ යුද උණුසුම නිර්මාණය කරන ක්‍රියාකාරකම් පාලනය කර ඇති බවයි.

කෙසේ වෙතත් අමෙරිකාව, ඔස්ට්‍රෙලියාව ජපානය සහ පිලිපීනය සිය ඒකාබද්ධව හමුදා අභ්‍යාස මාලාව ඉකුත් ඉරිදා සාර්ථකව සිදු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් පැවසුවේ, සිය හමුදා අභ්‍යාසය පැවැත්වුණේ පිලිපීනයේ සුවිශේෂී ආර්ථික කලාපය ලෙස හැඳින්වෙන මුහුදු ප්‍රදේශයේ බවයි.

කෙසේ නමුත් එම රටවල නායකයින්ගේ හමුවක් ද මෙම සතියේ දී පැවැත්වීමට නියමිත බව එම මාධ්‍ය වාර්තා පවසනවා.