මැතිවරණ සඳහා ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළව කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරණ,පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා පනතේ විධිවිධාන පරිදි වත්මන් ආර්ථික පසුබිමට ගැල⁣පෙන පරිදි ඇප සංශෝධනය කළ යුතු බව හඳුනාගෙන ඇතැයි රජය සඳහන් කර සිටියි.

ජනාධිපති සහ අධිකරණ අමාත්‍යවරයා විසින් අදාල පනත් කෙටුම්පත සකස් කරන ලෙස පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.