ඉරානය සමඟ සමීප සබදතාවයන් ඇති කර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

එතුමා මේ බව සදහන් කර සිටියේ අද (24) දින උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ සමාරම්භක උත්සව අවස්ථාව අමතමින්ය.

වැඩිදුරටත් ජනාධිපතිවරයා සදහන් කර සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ අලුත් ආයෝජන කලාප ඇති කරන බවත් හම්බන්තොටට නව ආර්ථිකයක් ඒ අනුව ලබා දෙන බවයි.