පසුගිය දින ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර ඇත.

මෙම ධාවකයින් දෙදෙනා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා මෙලෙස ඇප මත මුදාහැර තිබේ.