ඉන්දියානු ආධාර යටතේ ඉදි කරන ලද ගම්මාන හතක් ළඟදීම ජනතා අයිතියට පත්කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේය.

වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඉන්දියානු රජයේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ගම්මාන 101කින් මඩකලපුව, යාපනය, ගම්පහ, මහනුවර, වව්නියාව, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක 7 තුළ ගම්මාන 7ක නිවාස ඉදිකිරීම් අවසන් කොට මේ වන විට ජනතා අයිතියට පත් කර තිබෙන බවත් ඊට අමතරව තවත් ගම්මාන 90ක නිවාස 1,668ක ඉදිකිරීම් කටයුතු මේ වන විට කඩිනම් කර ඇති බවත්ය.

නිවාස 732ක් මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති බවද තවදුරටත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කර සිටියේ ය.