ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ගැටලු විසඳීම සඳහාවන යෝජනා ඇතුළත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ ය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙම කැබිනට් පත්‍රිකාව සැකසීම සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් පත්කර ඇති බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අදාල ආයතන වලට ආර්ථික අර්බුදය හා කොවිඩ් වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ නිසි ලෙස ඉදිරිපත් කෙරුණ සියලු බිල්පත් වලට අදාල ගෙවීම් මේ වන විට අවසන් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියේය.