මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් වසර තුනකට පසු ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේ පැවති බස්නාහිර පළාත්උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

එතුමා මෙම අවස්ථාවේ වැඩිදුරටත් සදහන් කර සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවයි. ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කරන ලදි.