පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මූලිකව සංවිධානය කර තිබූ “සටන අරඹමු හම්බන්තොටින්“ නම් රැළියේ දී තමා හැර ගිය දේශපාලන කණ්ඩායම්වලට නැවත තමන් හා එක් වෙන ලෙස නාමල් රාජපක්ශ පැවසීය.

ඊයේ (3) පිවිතුරු හෙළ උරුමය විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී යළි පොදුජන පෙරමුණ සමඟ එක්වන්නේ දැයි මාධ්‍යවේදීන් එහි නායක උදය ගම්මන්පිළ මන්ත්‍රීවරයාගෙන් විමසා සිටි අත​ර එහිදී ඔහු කියා සිටියේ, එසේ කිරීමට තරම් තමන්ට පිස්සු නැති බවයි.

මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ,

“ඇල්බට් අයිස්ටයින් කියනවා එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ නැවත නැවත සිදු කරමින් වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට හොඳටම පිස්සු කියලා.. අපිට එහෙම පිස්සුවක් නෑ. නැවත නැවත රාජපක්ෂලා පරීක්ෂාවට ලක් කරන්න තරම් අපිට පිස්සුවක් නෑ.”