හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින්  නොතීසි නිකුත් කර තිබේ.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් මෙම නොතේසි නිකුත් කර තිබේ .

ඌව පළාත් ආණ්ඩුකාර එම්. මුසම්මිල්ගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් විසින් ගොනු කොට තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නොතීසි නිකුත් කරනු ලැබුවා.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුුවක චූදිතයකුට එම අධිකරණය මඟින් ඇප ලබාදීමේ සිද්ධියකට අදාළව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදෙමින් අධිකරණ ක්‍රියාවලියට මැදිහත් වී අධිකරණ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් මහජනතාවගේ විශ්වාසය බිඳ දමා අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කොට තිබෙනවා.