දමිතා අබේරත්න සහ ඇගේ සැමියට විදෙස් ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමක් සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් විනිසුරු තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබා දුන්නේය.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනි දමිතා අබේරත්නට සහ ඇයගේ සැමියාට චෝදනා එල්ලවී ඇත.

මේ අතර දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් කිරීම ඊයේ දිනයේ දී අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.