රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඞංගුවට ගැනීමට නියමිතව සිටි ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවල අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබෙනවා.

කෙසේ නමුත් පසුගිය (27) වැනිදින ඔවුන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම් පත මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කිරීමත් සමඟම දමිතා අබේරත්න යුවළ අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් දමිතාගේ බොරලැස්ගමුව පැපිලියාන පිහිටි නිවසට ගොස් තිබුණු නමුත් ඇය සහ සැමියා එහි සිට නැත.

කෙසේ නමුත් දින කිහිපයක් අතුරුදන්ව සිටි ඔවුන් දෙපල අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබෙනවා.