ඊයේ (20) ජන අරගල ව්‍යාපාරය විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් සිව් දෙනෙක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කරන ලදි.

දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට තවත් කාන්තාවක් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළ තවත් පස් දෙනෙකු හෙට (22) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටත් නියෝග කර තිබේ.