ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කර තිබෙන අතර 2024 අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ දී විදෙස් සංචාරකයින් 121,595 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සඳහන්.

අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 18% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 21,324ක් සහ රුසියාවෙන් 12,807ක්, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 11,626ක් සහ ජර්මනියෙන් 8,565ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 757,379 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 18% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 21,324ක්.