බෝයිං හි පළමු කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ ගුවන් ගමන පැය දෙකකට පෙර කල් දැමූ බව නාසා බලධාරීන් පවසනවා

ආරක්ෂක පරීක්ෂාවක් සඳහා දියත් කිරීම සදහා එම ගුවන් ගමන කල් දැමූ බව පැවසේ.

රොකට්ටුවේ ඔක්සිජන් සහන කපාටයක ඇති වූ ගැටළුවක් හේතුවෙන් මෙම අභ්‍යාවකාශ ගමන නවතා දැමීමට තීරණය කරන විටත්, මෙහෙයුමට සම්බන්ධ වූ ගගනගාමීන්වන බුච් විල්මෝර් සහ සුනි විලියම්ස් ස්ටාර්ලයිනර් යානයේ අභ්‍යන්තරයේ ස්ථානගතව සිටි බව සඳහන්.

බෝයින් සමාගමේ මෙම පළමු අභ්‍යවකාශ යානය ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගමන් කිරීමටයි බලාපොරොත්තු වූ අතර අභ්‍යවකාශ යානයේ සංවර්ධනයේ පසුබෑම හේතුවෙන් මෙම මෙහෙයුම මේ වන විටත් වසර කිහිපයක් ප්‍රමාද වී ඇති ඇතර පියාසැරි කණ්ඩායම දැනට දත්ත පරීක්ෂා කරමින් සිටින බවයි සමාගම පවසයි