2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අද විභාගයට ගනු ලැබුවා .

එහිදි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට ද එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය නියෝග කළා.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර ඇති බව සඳහන්.

මෙහිදි මර්වින් සිල්වා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරුණා.