මන්නාරම සහ පුනරින් ප්‍රදේශවල ස්ථාපනය කෙරෙන සුළං විදුලි බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මිලදී ගැනීම සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කළ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව වසර 20ක් සඳහා ඔවුන්ගෙන් එම ව්‍යාපෘතිය යටතේ නිපදවෙන විදුලිය මිලදී ගැනෙයි.

එම ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට අමෙරිකානු ඩොලර් ශත 8.26ක අගය (සැබෑ විනිමය අනුපාතය ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් එහිදී යෝජනා කර තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මෙම කැබිනට් යෝජනාව ගෙන ආ අතර එම සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් “සාකච්ඡා සම්මුති කමිටුවක්” පත් කර ඇත.

යෝජිත ව්‍යාපෘතිය මගින් නිපදවන විදුලිය සඳහා මිල තීරණය කර ඇත්තේ එම කමිටුවේ නිර්දේශ මතයි.