හෙට (08) කඩුවෙල මාබිම ප්‍රදේශයේදී නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට කෙරවලපිටිය පර්යන්තය ප්‍රමාණවත් නැති බව​ත්, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වනවිට කෙරවලපිටිය හා මාබිම පර්යන්ත දෙකම ක්‍රියාත්මක වන නිසා, කෙරලවලපිටිය පර්යන්තයේ හදිසි තත්වයක් ඇති වුවහො​ත් මාබිම සිට කාර්යක්ෂවම ගෑස් බෙදාහරින්න හැකියාව ලැබෙන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසා ඇත.