කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබේ.

ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස කඩා වැටී ඇති අතර ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව තිබේ

මේ වනවිට එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින අත​ර අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂ​ණ සිදුකරයි.