කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, නීතිවිරෝධී ලෙස ලියාපදිංචි කර තිබෙන වාහන 51ක් වෙනත් පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් අද (05) මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

2015 වසරේ සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ නීතිවිරෝධී ලෙස වාහන 51ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අල්ලස් කොමිසම පවසයි.

අල්ලස් කොමිසම විසින් අදාළ වාහන වෙනත් පාර්ශව වෙත පැවරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.