මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව රජයේ මුදල් පිළිබඳව කාරක සභාව හමුවට කැඳවා තිබේ.

මේ බව එම කාරකසභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති වත්මන් වීසා අර්බුදය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ට මෙලෙස කැඳවීමක් සිදුකර ඇති බව එහි වැඩිදුරටත් දැක්වෙ​යි.