දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (08) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එමෙන්​ම උතුර, උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් අවධානය යොමුකළ යුතු උණුසුමක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.