ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්වනු ලබන පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පස්වරු 2.00ට අහමඩ් චෞද්රි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.

20යි 20 තරඟාවලියේදී බංග්ලාදේශයට එරෙහිව 2-1ක් ලෙස ජයගෙන සිටින ශ්‍රී ලංකාව එක්දින පළමු තරඟාවලිය සදහා ඒ අනුව ජයග්‍රාහි මානසිකත්වයෙන් අද පිටියට පිවිසීමට සූදානමින් සිටියි.