උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙසක් සමය තුළ විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාගවන් මහතා සදහන් කර සිටියේ විශ්ව විද්‍යාලවල නවක වදය සියයට 85කින් පමණ අඩු වී ඇති බවත් නවක වදය සම්බන්ධ දඬුවම් වැඩි කිරීමෙන් සහ දැනුවත් කිරීම් වැඩි කිරීමෙන් මෙම ප්‍රතිඵලය අත්ව ඇති බවත් ය.