අමෙරිකානු සමාගමක් වන BARK Inc. විසින් එළඹෙන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වුණු නව ගුවන්සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මුල්වරට මේ බව අනාවරණය කර ඇත.

ඒ අනුව BARK Air විසින් සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනක නිරත වීමේ පහසුකම සලසා දී තිබේ.

ඔවුන්ගේ පළමු ගුවන් ගමන සඳහා මාර්ගගත(online) ක්‍රමය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකම මේ වන විටත් ලබාදී ඇත.

ඒ අනුව එක් සුනඛයෙකුට සහ එක් මිනිසෙක් සඳහා ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඩොලර් 6,000ක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.