පකිස්තානයේ කරච්චි නගරයේ ජපන් ජාතිකයන්  පස් දෙනෙකු ගමන් කරමින් තිබූ වැන් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කරච්චි පොලීසිය බෝම්බකරු සමඟ පැමිණි තුවක්කුකරුවෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර බෝම්බ ප්‍රහාරයෙන් ජපන් ජාතිකයන් පස් දෙනා දිවි ගලවා ගැනීමට සමත්වූ බව සඳහන් වන අතර මෙම ප්‍රහාරයෙන් ඒ අසලින් ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.

පකිස්තාන රජය පෙරලා දමා ඔවුන්ගේම දැඩි ඉස්ලාමීය පාලනයක් පිහිටුවීමට උත්සාහ කරන ඉස්ලාමීය සටන්කාමීන් පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානයේ මෙවැනි ආකාරයේ ප්‍රහාර කිහිපයක් දියත් කර ඇති අතර, සමහර බෙදුම්වාදී කණ්ඩායම් චීන ඇතුළු විදේශිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ වන තෙක් ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති අතර, අගමැති ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව පවසයි

 

A suicide bomb has hit a van in which five Japanese nationals were traveling in the city of Karachi, Pakistan.

A suicide bomb has hit a van in which five Japanese nationals were traveling in the city of Karachi, Pakistan.