සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අළුත්වැඩියාවක් හේතුවෙන් අප්‍රේල් 24 වන බදාදා පෙ.ව 8.30 සිට ප.ව 8.30 දක්වා පැය 12ක් බියගම ජල පවිත්‍රාගාරයට ජල පැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා- ඇල, කටුනායක/ සීදූව නගර සභා බල ප්‍රදේශයටත්, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා – ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

ඒ හේතුවෙන් ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස එම ආයතනය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.