මාර්ගගත ක්‍රමය (online ) ඔස්සේ ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කළ අයදුම්කරුවන්ගෙන් 75%කගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇත.

ඉල්ලුම් කළ පිරිසගෙන් 75%ක්ම තාක්ෂණික දැනුමෙන් තොර වීම හා ඇතැම් ලිපිලේඛන අවිධිමත් අන්දමින් යාවත්කාලීන කර තිබීම මෙම තත්වයට හේතු වූ බව ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසා සිටියි.

එබැවින් ඔවුන්ගෙ විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම ප්‍රමාද වී තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එසේම ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම මාර්ගගතව හදුන්වාදෙමින්  ඒ වෙනුවෙන් ඇගිලි සලකුණු සටහන් කිරීම සදහා සෑම දිස්ත්‍රික්කයකම ආවරණය වන පරිදි ප්‍රාදේශිය ලේකම් කාර්යාල 51 හදුන්වා දුන් බවත් ඒ අනුව තෙදින හා සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර සදහා අයදුම් කළ හැකි බවත් ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසා සිටියා