තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමයේ සභාපති එච්.ආර්.පී.උදයසිරි මහතා පවසයි.

මෙම අර්බුදයෙන් මිදීමට නම් එම ශිල්පීන්ගේ හිඟය පියවීමට කඩිනමින් කටයුතු කිරීමට අත්‍යවශ්‍ය බව එතුමා අවධාරණය කරයි

දෛනිකව දුම්රියේ ඇති වෙන දෝෂයන්ට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති තත්ත්වයක් තුළ ජනතාව දැඩි අපහසුතාවයට ලක්ව දුම්රිය දෙපාර්තුමේන්තුවට චෝදනා කරන බැවින්  පුහුණුව ලැබූ පිරිස් මේ කටයුත්ත සඳහා වහාම බඳවා ගන්නා ලෙස තමා ඉල්ලීමක් කරන බවත් වැඩි දුරටත් පවසා සිටියා.