ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිදුකළ වැටලීමක දී  මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් මිලියන 1.5ක මුදල් ද වන බව වාර්තා වනවා.

එම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට අයත් බවට සැකකෙරෙන බව පොලිස් විශේෂ කාර්ය බළකාය  පවසනවා.

මෙම  මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි පහළොවක් පමණ වන බව සඳහන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.