අමෙරිකාවේ ජනප්‍රිය ගිටාර් වාදන ශිල්පියෙක් වූ ඩුවාන් එඩි මෙලොවින් සමුගෙන ඇත

මියයන විට  86 හැවිරිදි වියේ පසුවූ ඩුවාන්ගේ මරණයට හේතුව පිළිකා රෝගයයි.

“රොක් ඇන්ඩ් රෝල්” සංගීතයේ එක් නිර්මාතෘවරයෙක් ලෙසද ඩුවාන් ගරුබුහුමන් ලැබූ අතර 1950 – 60 අතර කාලයේදී සංගීත භාණ්ඩ භාවිතයෙන් ජනප්‍රිය වූ නිර්මාණ රැසක් බිහි කිරීමට ඔහු සමත්වූ අතර ඔහු ග්‍රැමී සම්මානයද හිමිකරගෙන තිබුණි.