අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් පැය 4 කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව සිදුකළ කැඳවීමකට අනුව උන්වහන්සේ අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර සොයාගත් තොරතුරු රැසක් මුලාශ්‍ර සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ උන්වහන්සේ පවසා සිටියා.

ලබන ඉරිදාට පාස්කු ප්‍රහාරය එල්ල වී වසර 5ක් සපිරෙන බැවින් ඒ වෙනුවෙන් පාගමනක්ද සංවිධානය කර ඇති බවත්, සියලු ජනතාවට ඒ සමග එක්වෙන ලෙස උන්වහන්සේ ආරාධනා කර සිටියා.