විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර සිටියේ විදුලි සේවකයන් විසි හතර දහසම නඩු දැම්මත් නව විදුලි බල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොද පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවයි.

වැඩිදුරටත් එතුමා සඳහන් කර සිටියේ නව විදුලිබල පනත පාර්ලිමේන්තුවට කැඳවීමෙන් පසුව පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි යම් ව්‍යවස්ථා හෝ නීති විරෝධී කරුණු ඇතුළත්ව තිබේ නම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 14ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අවස්ථාව ඕනෑම පුද්ගලයෙක්ට ඇති බවයි.

නව පනතින් විදුලිබල ක්ෂේත්‍රය දේශපාලනීකරණය වී ඇතැයි කියන පාර්ශව කඩාකප්පල්කාරීන් බවත් දේශපාලන බලපෑම් ඉදිරියට ගෙන යෑමට නම් දැනට පවතින 2009 විදුලිබල පනත වඩාත් යෝග්‍ය බවත් එතුමා තවදුරටත් සදහන් කර සිටියේය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ අද (19) දින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.