හෙට්ටිපොළ, දිග්ගලගෙදර ප්‍රදේශයේ කොන්ක්‍රීට් වලින් සාද​න ලද ජිරාෆ් සත්ත්වයෙකුගේ පිළිරුවක් කඩා වැටීමෙන් කුඩා දරුවෙකු  මියගොස් තිබේ.

ජිරාෆ් සත්වයාගේ පිළිරුව කඩා වැටීමෙන් බරපත​ළ තුවාල ලැබූ  දරුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් ඇත.

එම දරුවාගේ නිවසේ මිදුලේ තබා තිබූ කොන්ක්‍රීට්වලින් සාදන ලද ජිරාෆ්ගේ පිළිරුවක් මෙලෙස දරුවාගේ සිරුර මතට කඩාවැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ 08 හැවිරිදි වියේ පසුවූ පිරිමි දරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.