ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ගෙනආ යෝජනාවක් අමෙරිකාව නිෂේධ බලය යොදා නිෂ්ප්‍රභ කර තිබෙනවා.

එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඇල්ජීරියාවයි.

ඊට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුම කැමැත්ත හිමිව තිබුණා.

ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේ බ්‍රිතාන්‍ය පමණයි.

කෙසේවෙතත් අමෙරිකාව නිෂේධ බලය භාවිත කරමින් එය නිෂ්ප්‍ර​භා කරමින් පවසා ඇත්තේ යුද්ධය අවසන් කිරීම සඳහා මේ වන විට ක්‍රියාත්මක සාකච්ඡා අනතුරුදායක තත්ත්වයකට පත්කරන බවයි. 

මේ අතර අමෙරිකාවේ මෙම ක්‍රියාව චීනය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.

චීනය පවසන්නේ අමෙරිකාවේ මෙම පියවර හරහා වැරදි පණිවුඩයක් ලෝකයට ලැබෙන බවයි.

ඔක්තොම්බර් 07 වනදා ආරම්භ වූ ගාසා යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල් වැසියන් 1,200 ක් මියගිය අතර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ 29,000 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.