ඉරාන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා හමාස් නායක ඉස්මයිල් හනියේ අද (26) ඉරානයට යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔක්තෝබර් 07 වනදා හමාස් – ඊශ්‍රායල ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව හමාස් නායකයා ඉරානයට යන දෙවැනි අවස්ථාව මෙයයි.

හමාස් සංවිධානයේ ප්‍රධාන සහායකයා ඉරානය යි.

ගාසා තීරයේ ගැටුම් සඳහා වහාම සටන් විරාමයක් අවශ්‍ය බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊයේ සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් ද හමාස් නායකයා සිය ප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.