බංග්ලාදේශ පන්දුවාර 20-20 සංචිතය සඳහා හිටපු නායක ශකිබ් අල් හසන් යළි කැඳවීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන 20-20 තරගාවලියට ඔහුව බංග්ලාදේශ කණ්ඩායමට කැඳවීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් ශකිබ් අල් හසන් සමග සාකච්චා කරමින් පවතින බව බංග්ලාදේශ ක්‍රිකට් තේරිම් කමිටු ප්‍රධානී ගාසී අෂ්රෆ් ප්‍රකාශ කර තිබේ.

ශකිබ් අල් හසන් 2023 වසරේ ජුලි මාසයෙන් පසු බංග්ලාදේශ 20-20 කණ්ඩායම නියෝජනය කර නොමැත.