නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් රැසකින් මේවන විට වැලි මැක්කා දෂ්ට කිරීම හේතුවෙන් ලිශ්මනයිසීස් රෝගය වැලදුනු රෝගීන් වාර්තාවන බව නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.

නාඋල – නාලන්ද, උඩුදෙනිය, නාඋල නගරය ආශ්‍රිත කලාපය සහ සේනාගම ගම්මානය ආදී ප්‍රදේශවල පිරිස් ලීමනයිසීස් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා තිබෙන බව වාර්තාවේ.

නාඋල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ වෛද්‍ය විජිත ඒකනායක මහතා ප්‍රකාශ කර සිටියේ සමේ වේදනා ඇති නොවන තුවාල ගණන් නොගෙන සිටීම ආදී හේතුන් නිසා බොහෝ රෝගීන්ගේ වැඩි තුවාල ප්‍රමාණයක් හෝ වර්ධනය වූ තුවාල මෙම රෝගයේදී දක්නට ලැබෙන බවයි. එතුමා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ ජීවත්වන අවට පරිසරය පිරිසිදුව තබාගැනීම, රෝගී තත්ත්වයන් දුටු විගස ප්‍රතිකාර ලබාගැනීම මගින් මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂාවිය හැකි බවයි.