අද (26) පෙරවරුවේ ගාසා ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා මුදල් පරිත්‍යාග කිහිපයක් ලැබී තිබෙනවා.

මෙම අරමුදලට දායකවන ලෙස ජනතාවගෙන් කළ ඉල්ලීමට විශාල මුදලක් මේ වන විට ලැබී ඇති අතර එම මුදල් ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් භාරදීමට නියමිත වෙනවා

කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, Sports First පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස පරිත්‍යාගකළේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.