ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව හෝ අලියා යන ලකුණු හැර සම්පූර්ණයෙන්ම අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ ප්‍රකාශ කර සිටියි.

වැඩිදුරටත් එතුමා සදහන් කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික අපේක්ෂකයකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය කරනු ඇති බවයි.

සමගි ජන බලවේගයේ සියයට 80කට වැඩි පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරන බව මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සදහන් කර සිටියේ ය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකම දිනයක පැවැත්වීමට නොහැකි බවයි.