ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිම් මට්ටමෙන් ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ පක්ෂය ශක්තිමත් කිරීමේ පලමු පියවර ලෙස ගෙයින් ගෙට ගොස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි. එහි පළමු පියවර ලෙස තංගල්ල ආසනයෙන් එය ආරම්භ කර ඇති බව එතුමා සදහන් කර සිටියේ ය.

ඉදිරි මැතිවරණයන් සඳහා මුහුණ දිය හැකි අන්දමින් පක්ෂය ශක්තිමත් කරන අතරම පොදුජන පෙරමුණ මෙරට ශක්තිමත්ම පක්ෂය ලෙස ඉදිරියටත් පවත්වා ගෙන යෑමට අවශ්‍ය උපරිම කැපවීම ලබාදෙන බවයි.